වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රශ්න, අලි මිනිස් ගැටුම, නීති විරෝධී වන සතුන් දඩයම් කිරීම ඇතුළු ප්‍රශ්න රැසක් විසඳීමේ අපේක්ෂාවෙන් තමන්ට එම අමාත්‍යංශය ලබාදුන්නත් තවත් පිරිසක් ඊට කුලප්පුවී ඇති බව පෙනෙන්නට ඇති බව අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කරයි.
අමාත්‍යවරයා ඊයේ (02) මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
පසුගිය පාලන සමයේ රාජ්‍ය ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමෙන් පසුව දිවා ආහාර අවස්ථාවේ එම මේසය මත තිබු මස් වර්ග ප්‍රමාණය තමන්ට මතක බවත් ඒ මස් යළිත් කන්න නොලැබීමේ ඉවක් වැටීම හේතුවෙන් එම පාර්ශව කළබලවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
වල් ඌරු මස්, මුව මස්, ගෝන මස් වරදින්නේ නැතුව ආහාර ගත් එම උදවියට වැටී තිබෙන ඉව සාධාරණ බවත් හැකි උපරිමයෙන් වන සත්ව සම්පත ආරක්ෂා කරමින් අමාත්‍යංශයේ කටයුතු නිවැරදිව මෙහෙයවීමට තමන් සුදානම් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
අමාත්‍ය සරත් ෆොන්සේකා මේ අදහස් දැක්වුයේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වන අතර එහිදී ඔහු පවසා තිබුණේ "වනජීවී අමාත්‍යාංශය ජීව විද්‍යාත්මකව ආකාරයට වෙනස් කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන්, ගෝන්නුන් පැනලා දුවනවා" යනුවෙන්ය.
සබැඳි පුවත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
