එජාප මහ ලේකම් ධූරය ගැන තවත් හෝඩුවාවක් !

එජාප මහ ලේකම් ධූරය ගැන තවත් හෝඩුවාවක් !

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ජනවාරියේ සිදුවීමට යන වෙනසක් පිළිබඳවත් දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තියනවා.

ඒ ආරංචිවලට අනුව, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හරහා නව නායකත්ව මණ්ඩලයක් පත් කරන්නයි යන්නේ.. පක්ෂයේ සියලු තීන්දු - තීරණ ගැනීමේ හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයට පවරන්න එජාප නායක රනිල් තීන්දු කරලා කියල 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.

ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දැනට පවතින පක්ෂයේ නිලතල රැසක්ම අහෝසි වෙන්න නියමිතයි.

දැනට තියන තොරතුරු අනුව මෙම නායකත්ව මණ්ඩලයට පත්කරන්න යන්නේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන , රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු සහ නවීන් දිසානායක යන අයයි.

එක්සත් ජාතික පක්ෂයේ නව මහල්කම්වරයා ලෙස පත්කිරීමට යෝජනා වෙලා තියන්නේ, මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන පූර්ණ කාලීනව පක්ෂ කටයුතු සදහා සහභාගී විය හැකි පුද්ගලයෙක් කියලත් ආරංචියක් තියනවා.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න