මත්ද්‍රව්‍ය මැඩලීමේ දීප ව්‍යාප්ත ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ගෙවුණු පැය 24 තුළ දී තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේ දී සම්පූර්ණ සැකකරුවන් 1,676 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් මුල්‍ය වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ. මීට අමතරව සැකකරුවන් 119 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
මෙම විශේෂ දීප ව්‍යාප්ත මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන්නේ:
• හෙරොයින් ග්‍රෑම් 692
• මෙතම්ෆෙටමින් ග්‍රෑම් 393 (‘අයිස්’)
• ගංජා කිලෝග්‍රෑම් 42.1
• මත් පෙති 20,615ක්
• ගංජා පැල 235,680ක්
• ඈෂ් කිලෝග්‍රෑම් 534
• මාවා කිලෝග්‍රෑම් 11kg
දෙසැම්බර් 17 වැනිදා සිට ‘යුක්තිය’ මෙහෙයුම යටතේ විශේෂ වැටලීම් ආරම්භවිය.
මේ අතර කුප්‍රකට අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වත්කම් පොලිසියේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය රාජසන්තක කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
