රනිල් එනවා ස්ථිරයි : රවී K කියයි !

රනිල් එනවා ස්ථිරයි  : රවී K කියයි !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිති රනිල් වික්‍රමසිංහ , නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා බහුතරයක් දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම, කාලීන අවශ්‍යතාවයක් බවත් ඔහු සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පවසා තිබුණේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේය .

‘රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමයි මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක, රටක අරාජිකත්වයට පත්ව තිබු මොහොතක එයින් ගොඩ එන්න නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න