තම ජීවිතයට සිදුවූ ලොකුම අසාධාරණය සිදුවුයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (02) අමාත්‍යංශයේ වැඩ බාරගත් අවස්ථාවට එක්වෙමින්ය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තමන් උසස් පෙළ සමත්ව සුදුසුකම් මත නීති පීඨය සඳහා ඇතුළත් වීමට ඉල්ලා සිටියත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉතා අසාධාරණ ලෙස තමන්ව එවකට අලුතින් ආරම්භ කළ රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් කළ බවය.
නමුත් තමන් තම ඉරණම තීරණය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉඩ නොදුන් බව සඳහන් කල අමාත්‍යවරයා ඇතැම් විට එදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතින් අසාධාරණයට ලක්නොවන්න තමන් අද මෙතැන නොසිටීමට ඉඩතිබු බවද සඳහන් කර සිටියේය.
විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වුණේ රජයේ වරදින්
එසේම සයිටම් ගැටලුව හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වීමට රජය වගකිව යුතු බවත් ඊට කඩිනම් විසඳුමක් දීමට තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

