උතුරේ ජනතාවට ජවිපෙ ගැන අපැහැදිලි චිත‍්‍රයක් තිබෙන නමුත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාල ව්‍යාපරයක් ලෙස තම අඩුපාඩු මගහැර ගන්න සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අද කිසිදු බේදයකින් තොරව වැඩකරන ජනතාව පීඩාවට පත්ව ඇති බැවින් ඒ පීඩාවට එරෙහිව සියලූ දෙනාට එකට එකතු වූ අරගලයක් තිබෙන බවත් ජවිපෙ යාපනයේ මැයි දින සැමරුමක් පවත්වමින් එම පීඩනයට එරෙහි අරගලයට උතුරේ ජනතාවටද ආරාධනා කරන බවද ඔහු පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) ජනතා විමුක්ති පෙරමුණ යාපනයේ පැවැත්වූ මැයි දින රැළිය අමතමින්ය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ යාපනයේදී පවත්වනු ලැබූ මැයි පෙළපාළිය සඳහා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් එක්ව සිටි ආකාරය
සුද්දා ගිහින් අවුරුදු 70 යි : ඒත් රට තියෙන්නේ කොතනද ?
එහිදී රැළිය ඇමති ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, "සුද්දා අපේ රටෙන් ගිහින් වසර 70වන විට අපේ රට තිබෙන තැන කොතනද? මෑත කාලයේ නිකුත් වූ වාර්තාවක කියනවා මේ කලාපයේ වැඩිම මන්දපෝෂණය තියෙන රට ලංකාව කියලා. නේපාලයේ මන්දපෝෂණය 8%යි. ඉන්දියාවේ 14%යි. බංගලාදේශයේ 15%යි. පාකිස්ථානයේ 19%යි. ශ‍්‍රී ලංකාවේ 22%යි. මන්දපෝෂණයෙන් පෙළෙන රාජ්‍යයක් බවට අපේ රට පත්කරලා. වසර 5ට වඩා අඩු දරුවන් 20%ක් තමන්ගේ වයසට අනුව වර්ධනය වෙලා නැහැ. එහෙම දරුවන් දරුවන් නෙවෙයි. මේ අවුරුද්දේ ඉඳලා ආණ්ඩුව අලූත් සංඛ්‍යාලේඛනයක් ගන්නවා. පවුල්වලින් කොතරම් ප‍්‍රමාණයක් ණයබරින් පෙළෙනවද කියලා. අලූත්ම වාර්තාවට අනුව කොළඹ පවුල් 57%ක් කුමන හෝ තැනකට ණයවෙලා. රාජ්‍ය සේවකයින් සියලූ දෙනා තම වැටුපෙන් සොච්චමක් තමයි අතට ගන්නේ. පඩියෙන් විශාල ප‍්‍රමාණයක් ණයවලට කැපෙනවා. මුලතිව් දිස්ත‍්‍රික්කයේ 58%ක් ණයකරුවන්. යාපනයේ 60%ක් ණයකරුවන්. ණයකරුවන්ගෙන් පිරුණු රාජ්‍යයක්. ණය ගෙවන්න වැඩකරන ජනතාවක් බිහිවෙලා. ජනතාවගෙන් බහුතරයක් ණය උගුලක හිරවෙලා.
වැඩ බැරි බැරි පාලකයෝ
විරැකියාව උත්සන්න වෙලා. අද පාරේ අරගල කරන්නේ කරන්නේ කවුද? යාපනය මඩකලපුව පාරවල් වහලා උද්ඝෝෂණ කරන්නේ කවුද? උපාධියට සරිලන රැකියාවක් හදන්න බැරි පාලකයෝ. සා/පෙළ උ/පෙළ පාස්වුණ දරුවන්ගේ අනාගතය මොකක්ද? කෘෂිකාර්මයේ යෙදෙන ජනතාව උතුරු දකුණ බේදයෙන් තොරව දුක්විඳිනවා. පැය 24ම තමන්ගේ ජීවිතය ගෙවාගන්න වැඩකරනවා. නිසි වාර්මාර්ග ක‍්‍රමයක් නැහැ. බීජ නැහැ, ඉඩම් නැහැ. ආඩියා ළිදෙන් වතුර ඇදලා කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. මහ පොළව එක්ක හැප්පෙනවා. නමුත් නෙළන අස්වැන්න විකුණගන්න බැහැ. සාධාරණ මිලක් නැහැ. මොකක්ද මේ පාලකයෝ කළේ අවුරුදු 70ක්. ඔබ හිතනවාද තවත් අවුරුදු 50ක් දුන්නත් වෙනසක් වෙයිද? කර්මාන්ත ශාලා, ගොවිපළවල් වහලා දැම්මා නැත්නම් විකුණලා දැම්මා. කන්කසන්සන්තුරේ, මන්නාරම් වාරායන් පාළු වරායන් බවට පත්කරලා. සියල්ල කාඩා වට්ටලා. තවදුරටත් මේ පාලකයින්ට ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර හදන්න පුළුවන්ද? දරුවන්ට අධ්‍යාපනයක් ජනතාවට හොඳ සෞඛ්‍යක් හොඳ ප‍්‍රවාහන සේවයක් ජීවත් වෙන්න නිවහනක් මූලික මිනිස් අවශ්‍යතා කිසිවක් ඉටුකරලා දෙන්න බැරිවුණ පාලකයෝ. මූලික අවශ්‍යතා කිසිවක් නැති පුරවැසියන් බවට පත්වෙලා. ඔහේ ඉපදෙනවා ඔහේ මැරිලා යනවා. උතුරේත් දකුණේත් ජනතාවගේ ජීවිතවල තත්වය ඒකයි. මේක වෙනස් කරන්න ඕන නැද්ද? මේ ජීවිතය අපි අපේ දරුවන්ට අත්පත් කර දෙන්න ඕනද ? මීට වඩා හොඳ ජීවිතයක් අපිට ඕනෑ. හොඳ රටක් හොඳ පාලනයක් වෙනුවෙන් නව බලවේගයක් ගොඩ නගන්න ඕනෑ.
පීඩාවට, අයුක්තියට, අසාධාරණයට එරෙහිව එක්ව සටනක් තිබෙනවා
උතුරේ ජනතාව වසර 30ක අනවරත යුද්දයකට මුහුණ දුන්නා. හමුදාවෙන්, ඉන්දියන් හමුදාවෙන් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලින් බෝම්බ වැටුනා, වෙඩි වැදුණා. බයේ ජීවත් වුණා. බිරිඳට ස්වාමියා නැති වුණා. ජීවත් වෙන නිවස, ඉඩම අහිමි වුණා. ව්‍යාපාර අහිමි වුණා. යුද්ධයෙන් මහා ව්‍යසනයකට පත්වුණු පළාතක්. මේ පළාත දියුණු කරන්න මේ පාලකයින්ගේ දැක්ම මොකක්ද? පාර හදල තිබුණට පාරේ දෙපැත්තේ ජීවත් වන ජනතාවගේ තත්වය මොකක්ද? පාර හයිවේ; ජනතාවගේ ජීවිත ඉතියෝපියාවේ වගේ. ජනතාවගේ ජීවිත සමඟ සම්බන්ධයක් නැති සංවර්ධනයක්. යුද්ධය අවසන් වෙලා වසර 09ක් ගතවෙලා ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරිවුණා. ඉඩම් ප‍්‍රශ්නය, අතුරුදහන්වූවන්ගේ ප‍්‍රශ්න, අධ්‍යාපන පද්ධතියක් හදල දෙන්න බැරිවුණා මේ පාලකයින්ට. මේ පාලකයින්ට මේ උතුරු පළාතේ ජනතාවගේ ජීවිතය අඩියක්වත් ඉදිරියට ගන්න බැහැ. එනිසා මේ පාලකයින්ට එරෙහිව එක්සත් අරගලයක් තිබෙනවා. අපි වෙන වෙනම සටන් කරලා තියෙනවා. ජවිපෙ අපි දෙවරක් සන්නද්ධ අරගල කළා. උතුරේ තරුණයින් ආයුධ අත්ට ගත්තා. අරමුණ කුමක් වුවත් ආයුද අතට ගත්තා. ලක්ෂ ගණනක් ජීවිත අහිමි වුණා. අපි වෙන් වෙන්ව සටන් කළා. අපි එකිනෙකා ගැන සැකයෙන් බැලූවා. ඒ ඉතිහාසයයි. දැන් මේ පීඩාවට, අයුක්තියට අසාධාරණයට එරෙහිව එක්ව සටනක් තිබෙනවා. ජවිපෙ මැයි දිනයේ පණිවිඩය ඒකයි.
සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජාතිවාදී දේශපාලනයකට තල්ලූ වෙලා
අපි දන්නවා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජාතිවාදී දේශපාලනයකට තල්ලූ වෙලා. අද දකුණේ සිංහල ජනතාවගේ ජනප‍්‍රිය දේශපාලනය සිංහල ජාතිවාදයයි. මුස්ලිම් ජනතාවගේ දේශපාලනය මුස්ලිම් ජාතිවාදයයි. දෙමළ ජනතාවගේ ජනප‍්‍රිය දේශපාලනය දෙමළ ජාතිවාදයි. පාලකයින් සමත් වුණා ජනතාව මෙවැනි ජාතිවාදී දේශපාලනයකට තල්ලූ කරන්න. පාලකයින්ට ඕනෑ ඒ බෙදීමයි. ජනතාව එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන තත්වයක් නිර්මාණය කරලා. උතුරේ කුඩා සිදුවීමක් ඇතිවුණොත් දකුණේ කෑගහනවා කොටි නැගිටලා කියලා. ඒ තරමට විෂ පොවලා. දකුණේ සන්නද්ධ කණ්ඩායම් මරාගන්නවා. නමුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ ජාතිවාදී තිව‍්‍රර බෙදීමට එරෙහිව ජාතික සමගියේ කොඩිය ඔසවන්න ඕනෑ. භාෂාවේ අයිතිය සංස්කෘතික අයිතිය පිළිගන්න සෑම පුරවැසියෙක්ම අපේ රටේ පුරවැසියෙක් ලෙස පිළිගන්න අදහන ආගම පිළිගන්න නව දේශපාලන බලවේගයක් අපේ රටට ඕනෑ. ඒ බලවේගය ජවිපෙ සමඟ සියලූ ජනයා සමඟි කරන මධ්‍යස්ථානය අපි ඇතිකළ යුතුයි. ජාතිවාදයට අයුක්තියට අසාධාරණයට එරෙහි සටන එකම සටනක් බවට පත්කළ යුතුයි. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් එක සටනක් තිබෙනවා. සෑම අවස්ථාවකම අපි එක්ව ඉදිරියට යමු.
මාසෙන් මාසෙට කැබිනට් එක මාරු කරනවා
මාසෙන් මාසෙට කැබිනට් එක මාරු කරනවා. කෘෂිකර්ම ඇමති දුමින්දගේ ඇමතිකම මහින්ද අමරවීරට දුන්නා. මහින්ද අමරවීරගෙ ඇමතිකම සොයිසට දුන්නා. සොයිසගේ ඇමතිකම දුමින්දට දුන්නා. දැන් කියනවා විද්‍යාත්මකයිලූ. සංගීත පුටු තරඟය වගේ. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය වෙනම ඇමතිවරුන් අතේ. කෘෂිකර්මාන්තය වෙනම වාරිමාර්ග වෙනම. තරුණ කටයුතු වෙනම වෘත්තීය කටයුතු වෙනම. ඒ අයට රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන වැඩක් නැහැ. ඒ අයට ඕනෑ ඒ අයගේ ප‍්‍රශ්න විසඳගන්න එක පමණයි. ඒ නිසා අපිට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන පාලනයක් ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන පාලනයක් ඕනෑ.
1982 සංවර්ධන සභා මැතිවරණයේදී ජේ.ආර් විධායක බලයෙන් යාපනය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරගත්තා. ජේ.ආර්. විධායක බලය පාවිච්චි කරලා 83 කළු ජූලිය නිර්මාණය කළා. හෙට්ටිවීදිය කඩ ගිනි තිබ්බා. දෙමළ ජනතාව මැරුවා. ඒ බලය තමයි විධායක බලය. එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න බලගතු පියවරක් ජවිපෙ තියලා තිබෙනවා. මේ විනාශකාරී තනතුර අහේසි කිරීමට අපි මුල්පියවර තබලා තියෙනවා.
උතුරේ ජනතාවට ජවිපෙ ගැන අපැහැදිලි චිත‍්‍රයක් තිබෙනවා
උතුරෙත් දකුණෙත් ජනතාව සමගි කරන්න ඕනෑ. එය කළ හැක්කේ ජවිපෙ ප‍්‍රමුඛ ව්‍යාපාරයකටයි. උතුරේ ජනතාවට ජවිපෙ ගැන අපැහැදිලි චිත‍්‍රයක් තිබෙනවා. අපි දේශපාල ව්‍යාපරයක් ලෙස අපේ අඩුපාඩු මගහැර ගන්න කැමතියි. අපි දෙමළ ජනතාව සමඟ සංවාදයකට සූදානම්. ජවිපෙ දේශපාලනික වශයෙන් යම් අඩුවක් කර තිබෙනවනම් ඒ කිසිවක් පෞද්ගලික ප‍්‍රතිලාභ වෙනුවෙන් නොවෙයි. ජනතාව වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග නිසයි. ජාතික සමගිය පිළිගන්න අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් උතුරෙත් දකුණෙත් සටන ප‍්‍රබල සටනක් කරගනිමු. අපි වේගයෙන් උතුරේ දේශපාලනය පටන් අරගෙන තිබෙනවා. විසාල පිරිසක් අපිට සවන් දෙනවා. අපි සමඟ කතා කරන්න සූදානමින් ඉන්නවා. අපි අපේ අඩුපාඩු තේරුම් ගනිමු. මේ මැයි රැුලිය උතුරේ ජනතාවට ඒ පණිවිඩය ගෙන එන්න හේතු සාදක වෙයි කියලා අපි හිතනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. පෙරට එමු. සංවාද කරමු. තේරුම් ගනිමු. ජාතික සමගියට ජයවේවා. සිංහල දෙමළ මුස්ලිම් සටන්කාමිත්වයට ජය වේවා.

