අක්කර බද්ද අත්හිටුවයි !

අක්කර බද්ද අත්හිටුවයි !

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සංවර්ධන නිලධාරීන් සමග අද (12) පැවැති සාකච්ඡාවකදීය.

අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා බදු මුදලකි.එම මුදල රජයේ ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු වශයෙන් අය කරගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදුවී තිබේ.

එමනිසා ඉදිරියේදී අක්කර බදු අය කිරීම සම්පූර්ණයෙන්ම අතිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් මින් දශක කිහිපයකට පෙර බයිසිකල් බලපත් නිකුත් කිරීම මෙන්ම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත් නිකුත් කිරීම වැනි කටයුතු සිදු කෙරුණ ද පසුව ඒවා අත්හිටුවනු ලැබීය. ඒ ආකාරයට අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයක් පමණ වෙයි.

ගොවි ජනතාවගෙන් එම මුදල අය කිරීම සුදුසු නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පැවසීය.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන යොදා නොගැනීමටත්, ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙනත් සංවිධාන ව්‍යුහයක් සැකසීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න