සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපති රනිල්ට ලිපියක් !

සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපති රනිල්ට ලිපියක් !

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් (Lee Hsien Loong) සඳහන් කරයි.

පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට යොමු කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න