ඩලස් නියෝජ්‍ය නායක කරන්න සජිත් දෙඟිඩියාවක : ජනාධිපති සැලුන් දොර ඇරලා !

ඩලස් නියෝජ්‍ය නායක කරන්න සජිත් දෙඟිඩියාවක : ජනාධිපති සැලුන් දොර ඇරලා !

ඔන්න ලබන අවුරුද්දේ මැතිවරණ උණුසුම දැන්තියා දැනෙන්න පටන් අරගෙන .

දැනට ලැබෙන ආරංචිවල විදියට සමගි ජනබලවේගයේ අලුත් සන්ධානය ජනවාරියේදී එලියට දාන්නයි යන්නේ.

''අපි ඩලස් කණ්ඩායම එක්ක සාකච්ඡා වට දෙක තුනක්ම කළා. එතැන 14ක් වගේ ඉන්න නිසා ඒ අය තමා ප්‍රධාන කණ්ඩායම වෙන්නෙ. ජනවාරි මාසය අවසන් වෙන්න කලින් අවබෝධතා ගිවිසුමක් වගේ දේකට අපි එළඹෙනවා.'' - සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රී කෙනෙක් අපිට කිව්වේ එහෙම .

''පොහොට්ටුවේ තව කිහිප දෙනෙක් ඉන්නවා ඉඩිපෙන්ඩන්ට් ගතියක් තියෙන. ඒ අය එක්කත් කතා කරගෙන යනවා. රොෂාන්ලා එහෙම සන්ධානෙට එනවද නැත්නම් කෙළින්ම සජබෙට එනවද කියලා තාම තීරණයක් අරගෙන නැහැ. නමුත් එකෙන්ම අපිත් එක්ක එකතු වෙනවා.''-ඒ සජබ ප්‍රකාශකයා එහෙමත් කිව්වා.

ඒ කියන විදියට, ජනවාරි මාසයේදී සජබ ජනබලවේගය තවත් පක්ෂ විස්සක් එක්ක අලුත් සන්ධානයක් ගහන්නයි යන්නේ. දැනට සජබ එක්ක ඉන්න දේශපාලන කඳවුරු සහ පක්ෂත් මැතිවරණය ඉලක්ක කර ගනිමින් නැවත මෙහිදී සන්ධානගත වෙනවා.

ඔය අස්සේ , සජබ නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වෙලා කියලා 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කර තියනවා.

ඒත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස ටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් 'දේශය' පුවත් වාර්තවේ තවදුරටත් සඳහන් වෙනවා.

නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ල කියලත් 'මාධ්‍ය වාර්තා පළවෙමින් තියෙනවා .

මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුනේ, සජබ නව සන්ධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

ඒ විදියට පක්ෂ කීපයක්ම සජබට අලුතින් එකතුවෙන්න හදද්දී සජබේ හිටපු පක්ෂ කීපයක් අවුලක ඉන්නවා කියලත් රාවයක් යනවා. වඩිවේල් ලා නම් දැනටම ගැලවිලා ..

පසුගිය මාසයේ සජබ පස්සර ප්‍රදේශයේ සංවිධායක ධූරයෙන් නෙරපනු ලැබූ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාට පසුගියදා ආණ්ඩුවෙන් ඉහළ තනතුරක් ලැබුනා. උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ්හට ජනාධිපතිවරයා විසින් පවරා දෙනු ලැබුවා. බදුල්ල දිස්ත්‍රික්කයට අමතරව නුවරඑළිය සහ රත්නපුරේ දිස්ත්‍රික්කවල දේශපාලන වශයෙන් සක්‍රීය වීමටද වඩිවෙල් සුරේෂ් හට ජනපති ආශීර්වාදය ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියනවා.

ඒ කියන්නේ සජබෙන් අයින් කරත් වඩුවේල් ගොඩ කියලා නේද ? ඒ කියන්නේ ජනාධිපති සැලුන් දොර ඇරලා විතරක් නෙමෙයි , සේෆ්ටිත් දාලා වගේ නේද ? අමතක කරන්න නරකයි , ලබන අවුරුද්ද කියන්නේ ජන්ද වසරක් හොඳේ .

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න