Image

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කරයි

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කරයි

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වාදීම වෙනුවෙන් සකස් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නියමය පරිදි 2026 සැප්තැම්බර් 22 වන දින ගැසට් මගින් පළ කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධි විධාන පනත) ඉවත් කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත.

ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම, විශේෂයෙන් ශ්‍රී ලංකා භූමිය තුළ හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීම නව පනත් කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණයි.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ඡින්න කර නවීණ ලෝකයේ මතුවන ආරක්ෂක අභියෝගවලට මුහුණදී හැකි පරිදි නව නීතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර, එම කමිටුව විසින් මහජන අදහස්, සිවිල් සහ අන්තර්ජාතික ප්‍රජාවේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව නව පනත් කෙටුම්පත සකස් කර ඇත.

(මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න