ලසන්ත ඝාතන නඩුව : සැකකාර නියෝජ්‍ය පොලිස්පතිට ඇප නෑ !

ලසන්ත ඝාතන නඩුව : සැකකාර නියෝජ්‍ය පොලිස්පතිට ඇප නෑ !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතීඥයින් අධිකරණයෙන් කල ඉල්ලීම අද (01) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අදාළ ඇප ඉල්ලීම සඳහා විරෝධය පළකරමින් විමර්ශන නිලධාරීන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙනය.

එහිදී විමර්ශන නිලධාරීන් පෙන්වාදී ඇත්තේ තවදුරටත් ලසන්ත ඝාතනයට අදාළ විමර්ශන සිදුවන බැවින් ඇප ඉල්ලීමට විරුද්ධ වන බවය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුව මැයි 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නට නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න