අධිවේගී මාර්ගයේ වේගසීමා ඉක්මවා රිය පැදවීමේ වරදක් සම්බන්ධ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු අද (01) කොළඹ රථවාහන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
පෑලියගොඩ පොලිසිය විසින් ගොනුකර තිබු එම නඩුවට අනුව නීතීඥවරිය පැයට කිලෝමීටර් 117 ක වේගයෙන් තම රථය පදවා ඇත.
කෙසේ වුවත් නඩුව විභාගයටගත් අවස්ථාවේ නීතීඥ සහයක් නොමැතිව විත්තිකූඩුවට ගොඩවූ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු තම වරද පිළිගත් අතර එහිදී කොළඹ රථ වාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය ඇයට අවවාද කොට මුදා හැරීමට නියෝගකර ඇත.
නීතීඥ සුගන්ධිකා පසුගිය සමයේ මෙරට සමාජයේ දැඩි අවධානයක් යොමුවූ චරිතයක් වුයේ නීතීඥ වෘත්තියේ සහ අධිකරණ පද්ධතියේ සිටින අපකීර්තිමත් පුද්ගලයින් සහ ආයතන පද්ධති සම්බන්ධව ප්‍රසිද්ධ වේදිකාවක දැක්වූ අදහස් නිසාය.
එම වීඩියෝව පහතින් නරඹන්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
