අස්වැසුම වෙනුවෙන් ප්‍රා.ලේ සංගමයේ සහාය පළවෙයි !

අස්වැසුම වෙනුවෙන් ප්‍රා.ලේ සංගමයේ සහාය පළවෙයි !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවසීය .

ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව සඳහන් කළ ඒ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් එය පැවති බවද සඳහන් කළේය.

අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමටද මෙහිදී එකඟතාව පළ වූ බවත් ජයන්ත විජේරත්න පැවසීය .

ඒ සමග අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටළු කඩිනමින් විසඳා ගෙන ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවද ඒ විජේරත්න  පෙන්වා දුන්නේය.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න