සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් තීන්දුවක්

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීිරණය කර ඇත.

එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මඟින් යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේදී අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එම වගන්ති සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න