වෛද්‍ය වැඩ වර්ජනය අත්හරියි !

වෛද්‍ය වැඩ වර්ජනය අත්හරියි !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.

රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වුවත් අද (03) දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමක් ගැන කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න