විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අණ පරිදි ය.
ඊට අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
