“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුව අද (17) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණි.
ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.
පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
