හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා සෙයියාද් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (17) දිවුරුම් දුන්නේය.
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට එම පක්ෂය ගත් තීරණය නිත්‍යානුකූල බවට අධිකරණය පසුගිය දා තීන්දු කළේය.
නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.
ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මව්ලානාව පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඔක්තෝබර් 11 වැනිදා නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා අද පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
