ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නව නිත්‍ය නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇත.
හිටපු නායක දසුන් ශානක ආබායක් හේතුවෙන් ඉවතට ගිය අතර, උප නායකයා ලෙස ඉන්දියාවට පැමිණි කුසල්ට මෙම අවස්ථාව ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙක් පැවැසීය.
මෙම පත්වීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් අදාල බව එම තේරීම් කමිටු සාමාජිකයා සඳහන් කළේය.
ඒ අනුව හෙට (16) පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමඟ තරගයේ සිට මෙවර ශ්‍රී ලංකාව සහභාගීවන ලෝක කුසලාන සියලු තරගවලට කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙනු ඇත. කුසල් මෙන්ඩිස් එක්දින තරග 114කදී ලකුණු 3413ක් වාර්තා කොට ඇති අතර, කඩුලු රකින්නකු ලෙස උඩ පන්දු 75ක් හා ස්ටම්ප් කිරීම් 4ක් ලබාගෙන ඇත. පිතිකරුවෙකු ලෙස අවසන් තරග පහේදී ලකුණු 395ක් ලබා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
