ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන් : තීන්දුව ලබන බ්‍රහස්පතින්දා

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන් : තීන්දුව ලබන බ්‍රහස්පතින්දා

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර සිදුකිරිමේ චෝදනා මත පැවති නඩු විභාගය අවසන් කර තිබේ.

දින 04 ක් පුරා සාක්ෂි විමසීම් සහ විත්ති වාචික කැඳවීම සිදුකෙරුණේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේදීය.

නඩු විභාගය අද (21) අවසන් කෙරුණද තීන්දුවක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර එය ලබන බ්‍රහස්පතින්දා (28) නිවේදනය කිරීමට නියමිතය.

මෙම චෝදනා මුලුමණින්ම අසත්‍ය බවත් සිය සේවාදායකයාගේ චරිතයට හාණියක් කිරීමේ අරමුණින් ගොතන ලද්දක් බවටත් පසුගිය දින 04 පුරා ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් අධිකරයේදී අවධාරණය කළේය.

කෙසේවෙතත් අදාළ තරුණියගේ පාර්ශවය එම මතය බැහැර කල අතර මෙම සිදුවීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බයි සඳහන් කෙරුණි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.

එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්තේය.

කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවට අදාළව ධනූෂ්ක ගුණතිලකට එරෙහිව මෙම නඩු විභාගය සිදු කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න