ඕස්ට්‍රේලියානු කාන්තාව ධනුෂ්කගේ පෙර ආත්මයත් කියලා !

ඕස්ට්‍රේලියානු කාන්තාව ධනුෂ්කගේ පෙර ආත්මයත් කියලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර ඇත .

අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි.

එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි.

එහි දී ධනුෂ්ක පොලිසියට පවසා තිබුණේ, තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව පැවසූ බවයි.

තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදීම ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්ය.

එමෙන්ම තම හෝටලයට යාම සඳහා කුලී රථය ගෙන්වා දුන්නේ ද එම කාන්තාව විසින් බව ධනුෂ්ක පොලිසියට පවසා තිබිණි.

ධනුෂ්ක දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමාට කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

අධිකරණයේ දී අද අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, අදාළ කාන්තාව ගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බවයි.

සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලක ගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගනු ලැබීය.

එය අත්වැරදීමක් ලෙස සඳහන් කළ ඇය, අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි ධනුෂ්ක ගේ නීතිඥයා නැඟූ ප්‍රශ්නය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම ධනුෂ්ක විසින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට අදාළ කාන්තාව මූලික පැමිණිල්ලේ සඳහන් නොවන්නේ මන්දැයි නීතිඥයා මෙහි දී විමසා තිබේ.

මේ අතර, ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව පළමුවෙන් හමුවූ දිනයේ සීසීටීවී. දර්ශන අද පළමු වරට අධිකරණය විසින් මාධ්‍යයට අනාවරණ කළේය.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න