ලංකාව මෙච්චර ඉක්මනින් ණය ගෙවයි කියා හිතුවේ නෑ !

ලංකාව මෙච්චර ඉක්මනින් ණය ගෙවයි කියා හිතුවේ නෑ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අගමැතිනි ෂෙයික් හසීනා  සහ බංග්ලාදේශ ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළේය.

එහිදී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා බංග්ලාදේශයේ ත්‍යාගශීලී ගුණය පිළිබඳව සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියේය.

මීට ඉහතදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුණද නොවැළැක්විය හැකි හේතුන් මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

IMG 20230920 WA0008

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න