චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර ඇත.

පාලිමේන්තුව නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ රෝහණදීර පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වශයෙන් පත්වීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩුවිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අතිරේක ලේකම්වරයකුවූ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය හිටපු ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් තනතුර ඇතුළු තවත් ඉහළ තනතුරු රැසක ද කටයුතු කළ ප්‍රවීන පරිපාලන නිලධාරියෙකි.

මෙයට අමතරව ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු, වසර එකසිය විස්සකට වැඩි පැරණි තානාපති සේවා නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ධූරයට පත් ප්‍රථම දකුණු ආසියාතිකයාද වන්නේය.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ගුණරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වෙයි.

 (lankadeepa.lk)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.