ජනපති ''G 77'' අමතයි

ජනපති ''G 77'' අමතයි

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස්  (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විවිධ බහුපාර්ශ්වික සංසදයන් වල දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාව ද කෘතවේදීව සිහිපත් කළේ ය.

image f80138cc86

image 9de16e707c

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.