සිරකරුවන් 933කට ජනපතිගෙන් නිදහස.....

සිරකරුවන්  933කට ජනපතිගෙන් නිදහස.....

වි‍‍ශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 933ක් නිදහස ප්‍රදානය කරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ, සැප්. 12 වන දාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇති බව ය.

එම පිරිස අතර පිරිමි රැඳවියන් 926 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 7 දෙනෙකු සිටින බව එහි සඳහන් ය.

මෙලෙස රැඳවියන් නිදහස් කර ඇති නියමයන් හා කොන්දේසි වන්නේ; 

2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 1 සමාවක් ලබා දීම.

දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගෙ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියම කර, එම දඬුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

2023.09.12 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම් ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.