හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යළිත් රිමාන්ඩ්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යළිත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්‍ර සේනානායක ලබන සැප්. 25 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

තරග පාවා දීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ ය.

ඔහු පසුගිය සැප්. 6 අත්අඩංගුවට ගැනිණි.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරග පාවාදීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

2023 අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.