විශ්‍රාම ගිය වෛද්‍යවරු යළි සේවයට

විශ්‍රාම ගිය වෛද්‍යවරු යළි සේවයට

රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යම් බලපෑමක් සිදුව ඇති හෙයින් එයට තවත් විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 කාලසීමාවට අමතරව ඔවුන්ගේ කැමැත්ත පරිදි තවත් වසර 02 ක් කොන්ත්‍රාත් පදනම මත ඔවුනට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එය කැබිනට් මණ්ඩලයට දැනුම් දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සමස්ත රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව වයස අවුරුදු 60 වුවද, රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද මුහුණ දීමට සිදුව තිබෙන යම් බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව මෙයට පෙර අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරිණි.

ඒ අනුව එයට අමතරව ඉන් ඔබ්බට මෙලෙස ඔවුන්ගේ සේවාව කොන්ත්‍රාත් පදනම මත තවත් වසර 02 කට දීර්ඝ කිරීමට කටයුතු කෙරේ.

විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රටපුරා බොහෝ රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.