ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සූත්‍රයක් !

 ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සූත්‍රයක් !

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සකසන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ බව උපුටා දක්වමින් සිය ට්වීටර් ගිණුමේ සටහනක් තැබීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සාකච්ඡා කර ඇත.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.