නාමල්ගේ ඉල්ලීම ගැන අධිකරණයෙන් ප්‍රකාශයක් !

නාමල්ගේ ඉල්ලීම ගැන අධිකරණයෙන් ප්‍රකාශයක් !

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොර ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (12) ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට මෙම චෝදනාව එල්ල වී ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.