කෝපා ඉදිරියේ ක්‍රීඩා බලධාරීන් නිරුත්තර වෙලා !

කෝපා ඉදිරියේ ක්‍රීඩා බලධාරීන්  නිරුත්තර වෙලා !

රාජ්‍ය ගිණුම් කාරක සභාව( කෝපා) විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඇසූ ප්‍රශ්න කිසිවකටත් පිළිතුරු දීමට නොහැකිව නිහඬව සිට ඇතැයි වාර්තා වේ.

එහිදී කිසිදු සූදානමකින් තොරව පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් කෝපා කමිටුව එම නිලධාරින්ට දැඩි අප්‍රසාදය පළ කළ බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.

එහිදී ඔලිම්පික් තරගාවලියේ තරග සංඛ්‍යාව පිළිබඳ කෝපා කමිටුව මුලින්ම විමසා තිබෙන අතර නිලධාරීන්ට ඒ ප්‍රශ්නයට පවා පිළිතුරු දීමට නොහැකිව ඇත.

එමෙන්ම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල තරග ඉසව් සහ ශ්‍රී ලංකාව එම තරගාවලිවල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරග ඉසව් පිළිබඳව විමසූ අවස්ථාවේදී නිලධාරීන්ට ඒ ප්‍රශ්න සඳහාද පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිවුණු බව කෝපා කමිටුව පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න