පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් !

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් !

පාස්කු ඉරුදින  දින ප්‍රහාරය සහ  ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

කෙසේ වුවත් මේ වන විටත් රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර ලෙස  “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත .

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා "ආරක්ෂක තත්ත්ව සමාලෝචනය - 2030" අවශ්‍ය වේ. මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වය ආවරණය කෙරේ.

ඒ අනුව
i. ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග
ii ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව
iii 2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු
iv උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය
v පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතුවීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුධමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.

පසුගිය දශකයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ එල්ටීටීඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි ය.

නමුත් අද වන විට, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින අතර අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින්: එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතුවීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද බලපා තිබේ.

මෙම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

ඒ අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ආර් වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික), ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවිය (ශ්‍රී ලංකා විදේශ සේවය), ඩැනියෙල් ඇල්ෆොන්සස් මහතා (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න