ආණ්ඩුවට එන්න මෛත්‍රී ජනාධිපති ධූරය ඉල්ලයි !

ආණ්ඩුවට එන්න මෛත්‍රී ජනාධිපති ධූරය ඉල්ලයි !

තමන්ට ජනාධිපතිකම ලබාදුනහොත් ආණ්ඩුවට යාමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

එසේ නොමැතිව ආණ්ඩුවේ අගමැති හෝ අමාත්‍යධුර ලබා ගැනීමේ කිසිදු උවමනාවක් තමනට නැති බවද ඔහු පවසයි .

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

දේශපාලන පක්ෂවල බෙදී යාම් සාමාන්‍ය බවත් ඒවා අද ඇති සියලු පක්ෂවලට පොදු බවත් එහිදී ඔහු කියා සිටියේ ය.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත කතා බහක් මතුව ඇති පසුබිමේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම ගැන චෝදනා ලබා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවට එක්වීම වෙනුවෙන් කොළ එළි දල්වමින් සිටින බවයි.

ශ්‍රීලනිප සහය ආණ්ඩුවට ලබාදීමට බාධාවක් ලෙස කුප්‍රකට වූ ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත්කර ආණ්ඩුවට එක්ව සිටි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම නැවත පක්ෂයට ගෙන ඔහු ආරක්ෂා කාරී පියවර අනුගමනය කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව පවතින දේශපාලන සන්ධර්භය යටතේ ශ්‍රීලනිප සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව වෙත එක්නොවූවත් අනියමින් ඒ සමග එක්ව ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න