ප්‍රදේශ රැසකට අදත් වැසි......

ප්‍රදේශ රැසකට අදත් වැසි......

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම් දෙයි.

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ලයි.

තව ද දිය ඇලි, ගංගා හා වැව් ආශ්‍රිතව මේ දිනවල දිය නෑමේදී ඉතාම සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය දැනුම් දෙයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, අසංක නානායක්කාර  පැවසුවේ, පවතින අධික වර්ෂාව හමුවේ දියඇලි, ගංගා හා ජලාශවල ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න