ජනපති සහ එජාප හිටපු සභාපති මහා නා හිමිවරුන් බැහැදකී

ජනපති සහ එජාප හිටපු සභාපති මහා නා හිමිවරුන් බැහැදකී

ජනාධිපති වික්‍රමසිංහ, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති, මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.

අනතුරුව ජනාධිපතිවරයා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති වික්‍රමසිංහ, වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

ආණමඩුවේ ධම්මදස්සී සහ වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමිවරුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටි පිළිසඳරක නිරත විය.

''ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට කැපවෙනවා '' - ජනාධිපති

රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (29) මහනුවරදී අවධාරණය කළේය.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න