බලය බෙදීමට සජිත් එකඟයි !

බලය බෙදීමට සජිත් එකඟයි !

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට තම පක්ෂය එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදා අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත්, ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඔහු සඳහන් කරයි .

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ ඊයේ (15) පැවති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

රටක ඒකීය භාවය ස්වෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත්, සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් ඔහු එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න