සජිත් එකමුතුව ප්‍රතිකේෂ්ප කරයි !

සජිත් එකමුතුව ප්‍රතිකේෂ්ප කරයි !

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ය.

රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කර ඇත .

එසේම තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂ නායක පවසා ඇත .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ අදහස් දක්වමින් සිටින්නේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පැරණි අඩුපාඩු සකසා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ තම පක්ෂය එක්විය යුතු බවට මතයක් ප්‍රසිද්ධියේ සමාජ ගත කරමින් සිටින පසුබිමකය.

කෙසේ වුවත් බෙදී වෙන්ව සිටින එජාප සජබ බලවේගය එක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සජබ අභ්‍යන්තරයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇරඹි ඇති බව දේශපාලන ආරංචි මාර්ග ද සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න