පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැඩි තීරණයක !

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැඩි තීරණයක !

පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී යම් නිලධාරියකු හෝ පිරිසක් එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පවසයි .

මේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව විමර්ශන කටයුතු අපක්ෂපාතීව කරගෙන යන බවද ඇය සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද ඇය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව පවතින බව මහලේකම්වරිය සඳහන් කළාය.

එකී කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරයාටද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයකින් දන්වා ඇතැයි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න