ලන්සලගේ වැඩ ගැන බැසිල්ගෙන් ජනාධිපතිට පැමිණිල්ලක් !

ලන්සලගේ වැඩ ගැන බැසිල්ගෙන් ජනාධිපතිට පැමිණිල්ලක් !

මේ වන විට පොදුජන පෙරමුණ වෙතින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ ක්‍රියාමාර්ග තම පක්ෂයේ වැඩකටයුතු සඳහා ගැටලුවක් වී ඇති බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැමිණිලි කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අනුව බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ , පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ය.

මේ වන විට අනුර ප්‍රියදර්ශන යාපා , නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම මන්ත්‍රී කණ්ඩායම නව සන්ධානයක් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට සහය දක්වන මැති ඇමතිවරුන් ද මෙම සන්ධානය සමග එක්ව ඇති අතර පොදුජන පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට සහය දක්වන ස්ථාවරයක් ගෙන ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව නිමල් ලංසා ,අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ ,නිමල් ලන්සා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇති බවට දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් ද පැවතීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න