ලංකාවට ආපු මැක්‍රෝන් රනිල්ට නැව් පොරොන්දුවක් දීලා !

ලංකාවට ආපු මැක්‍රෝන් රනිල්ට නැව් පොරොන්දුවක් දීලා !

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි .

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති හමුවේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කර ඇති බවත් ඉන් අනතුරුව මෙම පොරොන්දුව ප්‍රංශ ජනාධිපතිවරයා ලබාදී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපතිවරයා මගින් අදාළ කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න