වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමේ

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමේ

බෝවන රෝගයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට වසාදමා තිබේ.

ඒ අනුව, මීට දින කිහිපයකට පෙර වව්නියාව බන්ධනාගාරය වසා දමා ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේය.

වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි අතර රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර තිබේ.

සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය එලෙස වසා දමා ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

වව්නියාව බන්ධනාගාරය තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 දෙනෙකු පමණ සේවය කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න