අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවන්න කැබිනට් අනුමැතිය

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවන්න කැබිනට් අනුමැතිය

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සදහා මූලික වටයේ දී ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ අනූ දෙදහස් දෙසිය හැටපහක් තෝරාගෙන ඇත.

ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් පහලොස් ලක්ෂ අසූඅට දහස් අටසිය තිස්පහක් සදහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකගතාව පළකළේය.

ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත්වීම සදහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84,374 දෙනෙකුට අභියාචනා සමාලෝචනය අවසන් කරන තෙක් දැනට ඇති කාණ්ඩයේ ගෙවීම් සිදුකෙරේ.

දැනට තෝරාගෙන ඇති ප්‍රතිලාභීන් අතුරින් 119,056ක් දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබේ.

එම විරෝධතා ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ද ගෙවීමට නියමිතය.

අස්වැසුම සදහා අයැදුම්කර මෙතෙක් තෝරාගෙන නොමැති වුවද දැනට සමෘද්ධිය ලබන 393,097 දෙනෙකුට අභියාචනා සමාලෝචනය කරන තෙක් එම ගෙවීම් ද සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය එකගවී තිබේ.

මේ අතර දැනට වකුගඩු රෝගාබාධ සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළින් සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් ගෙවීම් කෙරේ.

රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධස්ථානවල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයින් 11,660 දෙනෙකු සදහා ද අදාළ ප්‍රතිලාභ තවදුරටත් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න