රට පුරා අයිස් වැස්සක් !

රට පුරා අයිස් වැස්සක් !

අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන් වැරදිකරුවන්වූ සංඛ්‍යාවදාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

එසේම අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇති අතර එය
වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි .

තවද පසුගිය වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල පසුවේ.

මේ අතර බාබුල් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්වූ සිද්ධි 97ක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ අනූ හත් දෙනාටම නඩු පවරා ඇති අතර ඉන් අනූ එක් දෙනෙක් වැරදිකරුවන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න