විගණනකාධිපතියේ අකුණු සන්නායක කම්බි හොරුන් මාට්ටු !

විගණනකාධිපතියේ අකුණු සන්නායක කම්බි හොරුන් මාට්ටු !

ජාතික විගණාධිපති දෙපාර්තමේන්තුව හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන බත්තරමුල්ල පොල්දූව හන්දියේ ගොඩනැගිල්ලේ භූගතව සවිකර තිබෙන අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි කපා සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සැකකරුවන් තඹ කම්බි කපා ඇත්තේ ජල ටැංකියකට ආරක්ෂාවට යොදා තිබෙන වයර් වලින් බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් සමග සොරාගත් රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි රාජගිරිය පරණ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී වරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා එම ජායාරූපය සැකකරුවන් විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ අටක 8 ක පමණ මුදලකට බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 පසුවන රාජගිරිය පදිංචි තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න