රුපියල් බිලියන 15ක් ඉතිරි කරගන්න : ආන්දෝලනාත්මක පඬු කරඳ ගස ඉවතට !

රුපියල් බිලියන 15ක් ඉතිරි කරගන්න : ආන්දෝලනාත්මක පඬු කරඳ ගස ඉවතට !

මෙරට තුළ පසුගිය සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස ඊයේ (10) එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන දැඩි විරෝධයක් පළකර සිටින නමුත් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළව රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වාගැනීම සඳහා කැබිනට් අනුමැතියට යටත්ව ගස ඉවත් කළ බවය.

ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවය.

කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ තම ආයතනය නොදැනුවත්ව මෙම ගස ඉවත් කර ඇති බවය.

ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි.

එම අවස්ථාවේ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගෙන් සහ පරිසර සංවිධානවලින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල වුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න