රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී සිදුවෙමින් තිබෙන කප්පාදුව නවතා දැමීමටත් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයදුම්පත් යොමු කර ඇති මූලික සුදුසුකම් සපුරා ඇති සියලූ උපාධිධාරින් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරින් අපේ‍්‍රල් 25 (බදාදා) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය හා රැකියා විරහිත උපාධිධාරී සංගමය ඒකාබද්ධ තීරණයක් ගෙන ඇත.

ඒ නව අනාවරණය වුයේ ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය හා රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි සඳහන් කර සිටියේ 2017/08/06 දින පුවත්පත් දැන්වීමක් මගින් ප‍්‍රසිද්ධ කර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය රැකියා විරහිත උපාධිධාරීන්, සංවර්ධන නිලධාරි තනතුර සඳහා බඳවාගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවනු ලැබූ බවත් ඒ අනුව මූලික සුදුසුකම් සපුරා ඇති රැකියා විරහිත උපාධිධාරීන් 57000 ක් අයදුම්පත් යොමුකර තිබෙන බවත්ය.
නමුත් ආණ්ඩුව එම 57000 න් 20000 ක් පමණක් බඳවා ගැනීමට තීරණය කිරීමත් සමඟ මෙම අසාධාරණ කප්පාදු කිරීම ආරම්භ වු බවද ඔහු පැවසීය.
එම 20000 තෝරාගැනීම සඳහා අපේ‍්‍රල් මස 16 සිට 30 දක්වා දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල වල සම්මුඛ පරීක්‍ෂණ ආරම්භ වී ඇති බවත් සිදුකරමින් තිබෙන කප්පාදුවට එරෙහිව ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් 25 දින උද්ඝෝෂන ව්‍යාපාර දියත් කරන බවද ඔහු පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර