පාදඩයන්ගේ ගෝරනාඩුව !

 පාදඩයන්ගේ ගෝරනාඩුව !
ජාතික ජනබලවේගයේ නලීන් හේවගේ විසින් මෛත්‍රී වික්‍රමසිංහ හට අපහාසාත්මකව කතා කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වනු දැකිය හැකිය. මෛත්‍රී වික්‍රමසිංහ වැඩිවියට පත්වීම පිළිබඳව මේ ප්‍රකාශ සම්බන්ධයෙන් සමබිමේ අප විසින් පැතිකඩ කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන්නෙමු.
 
ප්‍රධාන වශයෙන් වමේ දේශපාලනය කරනවා යයි කියමින් සිටින, මේ රට වෙනස්  කරනවා යයි පුරාජේරු කියන, නරුමවාදී ජ.වි.පෙ. ප්‍රධාන සාමාජිකයකු විසින් කාන්තාවන්ට අපහාසාත්මකව කතා කිරීම දැකිය යුත්තේ කෙසේද? මෙයින් පැහැදිලි වන්නේ ගෙදර තම බිරිඳ ට ආදරේට කුණුහරපෙන් අමතන මින්නේරිය වැනි ගමක සාමාන්‍ය මනුස්සයෙක් හා ජ.වි.පෙ. ප්‍රමුඛ විද්වත් ජාතික ජනබලවේගයේ විද්වතුන් අතර වෙනසක් නොමැති බවය. එසේම නලීන් හේවගේ කාන්තාවන්ට අපහාසාත්මකව කතා කරන විට එයට හූ තියමින් සිය එකඟතාවය පළ කරන්නේ ද නලීන් හේවගේ පන්නයේ ගැමියන් ය. 
 
පාදඩ වාචාලකමක් සහිත ඔහේ හිතට නැගෙන සිතුවිලි ප්‍රසිද්ධ වේදිකාවේ කියවන නලීන් හේවගේ දැන් ජා.ජ.බ. වේදිකාවේ නැතුවම බැරි චරිතයකි. ඔහුගේ කතා ඇසීමට බොහෝ ගැමියන් රැස් කකා ඇදෙයි. මේ බව දන්නා ටිල්වින් සිල්වා 2002 දී විමල් වීරවංශව ට වේදිකාවේ  වැඩි ඉඩක් වෙන්කර විමල්ගේ කටින් ගොඩ යෑමට දැඟලුවාක් මෙන් දැන් නලීන් හේවගේ ට මයික් එක ලබා දී ඇත. ජ.වි.පෙ. විමල් වීරවංශව හා නලීන් හේවගේ අතර කිසිදු  වෙනසක් නැත. දෙදෙනාම ජාතිවාදී, වර්ගවාදී, පුරුෂෝත්තම වාදීන් වීම නිසාය.
 
මේ අනුව නලීන් හේවගේ හරහා ජ.වි.පෙ. සිදු කරමින් සිටින්නේ පහළ පංතිවල ජනතාව පාලනය කිරීමයි. එය අන් අයට වඩා නිවැරැදිව සිදු කරන්නේ නලීන් හේවගේ විසිනි. ටිල්වින් ට අනුව ඔහු දක්ෂය.
 
ජ.ජ.බ.යේ හරිනි අමරසූරිය එක් පසෙකින් ස්ත්‍රීවාදය දේශනා කරමින් කාන්තාවන්ට සිදුවන අපහරණ ගැන පෙනී සිටින පසුබිමක නලීන් හේවගේ විසින් අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ වේදිකාවේ දී නිකුත් කරයි. අප දන්නා තරමට ස්ත්‍රීවාදීන්ට සහ ස්ත්‍රී විරෝධීන් ට එකම වේදිකාවේ තියා එකම පක්ෂයක හෝ සිටිය නොහැක. ජ.ජ.බ. පැල්ම මතු වන්නේ මේ ආකාරයට ය. දෙදෙනාටම පවතින ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍යව ඇති බැවින් දෙදෙනාටම කිසිදු ගැටලුවක් නොමැති ව එකට සිටිය හැක. එය ජාතිවාදී මහින්ද රාජපක්ෂ සමඟ මාක්ස්වාදී ජ.වි.පෙ. උතුරේ විමුක්ති අරගලය පරාජය කිරීමට එකම වේදිකාවක සිටියාක් මෙනි. 
 
එසේම අනෙක් අතින් ගත්කල සමාජයේ වෙනස් කිරීමට යන නලීන් හේවගේ වැනි විජේවීර වාදීන් තමන් එලෙසම තවදුරටත් සිටීමට උත්සහ කරයි. සැබෑ සමාජ විප්ලවයක් වීම යනුවෙන් හඳුන්වන්නේ තමන් වෙනස් වීමයි. නලීන් හේවගේ ඇතුළුව ජ.ජ.බ. බාහිර ලෝකය වෙනස් කිරීමට උත්සහ කරන්නේ මේ ආකාරයට ය. ගෙදර බිරිඳ ට කතා කරන විදිය මෙන්ම සමාජය අතර ඇති වෙනස මොවුන්ට අවිඥානිකය. 
 
ඈත ගම්වල ගැමියන් දැරියක වැඩිවියට පත්වීම සලක්න්නේ අසාමාන්‍ය දෙයක් ලෙස මිසක සාමාන්‍ය විද්‍යාත්මක කරුණක් ලෙස නොවේ. වැඩිවියට පත්වීම මැජික් එකක් ලෙස සලකනු ලබන නොදියුණු ගැමියන් තවමත් ගම්වල ඇත. මෙම අගති දේශපාලනයට  ඒම විශේෂයෙන් වාමාංශික දේශපාලනයට ආ විට දේශපාලනය යනු වෙනස් කිරීමට සහ වෙනස් වීමට ඇති දෙයක් ලෙස නොව  තමන්ගේ අගතීන් සමාජගත කිරීමේ තෝතැන්නක් ලෙසයි. එබැවින් අවසානයේ මාක්ස් ලෙනින්ට වඩා තම නුහුගුණ තත්වයන් අධිනිශ්චය වේ. ජ.ජ.බ. යේ නලීන් හේවගේ හරහා ඉඟි කරන්නේ මෙයයි.
 
සමබිම පක්ෂයේ ෆේස්බුක් පිටුවෙනි 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න