එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරයක් ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරයක් ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.

ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල් 193ක ඒකමතික තීරනයකිනි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 21ක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති තනතුර සඳහා තොරා පත්කරගෙන ඇත. ඒ බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, ඉරානය, මැලේසියාව, මොරොක්කෝව, නෙදර්ලන්තය, සෙනගාලය, සිංගප්පූරුව, සුරිනාම්, උගන්ඩාව, උස්බෙකිස්තානය, සැම්බියාව සහ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා වන චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න