ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (4) පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181.00 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83.00 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186.00 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 .00 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598.00 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
