පොසොන් පොහොය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්......

පොසොන් පොහොය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්......

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග බවයි.

ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර යුතු බව ජනාධිපතිවරයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් විය.

අභිමානවත් රටක්, ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

විපක්ෂ නායකවරයා පැවසුවේ, එය ප්‍රෞඪ ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසාද අඩිතාලම දමනු ලැබූ බවයි.

බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය, අප මාතෘ භූමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගියා මෙන්ම අන් ආගම් හා උපසංස්කෘතීන් කෙරෙහි වු සහනශීලි බෞද්ධ පිළිවෙත සමගියේ හා සහජීවනයේ පදනම බවට පත්වූ බව විපක්ෂ නායකවරයා පොසොන් පොහොය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ දැක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න