තරුණයින්ට නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක්

තරුණයින්ට නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක්

තරුණයින්ව දේශපාලනය සඳහා පාවිච්චි කරන යුගය අවසන් කර ඔවුන් අලුත් මාවතකට ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ඊයේ (26) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

තරුණයින්ට සුදුසු තැන දේශපාලඥයින්ගෙන් තොරව ලබා දීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහි දී සාකච්ඡා වූ අතර, පසුගිය කාල වකවානුවේ ජාතික තරුණ සේවා සභාව දේශපාලඥයින්ගේ වැඩ වලට යොදා ගැනීමේ අනිටු ඵල විපාක දසාකච්ඡා විය.තරුණයා දේශපාලනයෙන් මුදවාගෙන ස්වාධීනව සිතිමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ වගකීමහා ඒ සදහා සැළසුම්කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ජාතික තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් සිදු කළ යුතු බව මෙහි දී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමු වූ අතර, ජාත්‍යන්තරයේ සිට ගම දක්වා ම තරුණ සේවා සභාවේ සේවාවන් පුළුල් කිරීමට නව ක්‍රමවේදයන් සකස් කළ යුතු බව ද මෙහි දී සාකච්ඡා විය. මූලික අදියරේ දී තරුණ තරුණියන් ලක්ෂ 15 ක් බදවාගෙන ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීමේ කටයුතු කඩිනමින් සකස් කර ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කළ යුතු බව මෙම සාකච්ඡාවේ දි අනාවරණය විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න